පළමු තරග 10 අවසානයේ දකුණු අප්‍රිකාව පෙරමුණේ

258

2023 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙතෙක් පැවැති තරග 10 තුළදී පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව ඇත.

ඔවුන් තමන් මුහුණ දුන් තරග දෙකම ජය ගෙන 2.360 ක ඉහළ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ඇත.

එම සටහනේ දෙවැනි ස්ථානය නවසීලන්තයට සහ තෙවන ස්ථානය ඉන්දියාවට හිමි වී ඇත. ඔවුන් ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 1.958 ක් සහ 1.500 ක් වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් තරග වැදුණු අතර දෙවැනි තරගය ලෙස පෙරේදා (12 දා) ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන්ද දකුණු අප්‍රිකාව ජය ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 122 ක ජයක් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 134 දැවැන්ත ජයග්‍රහණ දෙකක් ඔවුන් සතුකර ගැනීම නිසා ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවිය.

මේ වනවිට කණ්ඩායම් හිමි කර ගෙන ඇති ස්ථාන මෙසේය.

advertistmentadvertistment
advertistmentadvertistment