රාජිතට එරෙහි අධි චෝදනා නැවත සංශෝධනයට

111

රජයට පාඩුවක් සිදුවන බව දැන දැනම මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදුදීමට නිලධාරීන් පෙළඹවීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ධීවර ඇමැති වෛi රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත‍්‍රය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත සංශෝධනය කර ඊයේ (26) සංශෝධිත අධිචෝදනා පත‍්‍රය කොළඹ මහාධිකරණයට හා විත්තියට භාරදීම සිදුකළේය.

රාජිත සේනාරත්න, ශ‍්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ හා එම සංස්ථාවේ හිටපු ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව 2020 වසරේදී එකී අධිචෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. පසුව 2023 වසරේ පෙබරවාරි හා මාර්තු යන මාසවලද මුල් අධිචෝදනා පත‍්‍රය සංශෝධනය කිරීමට අල්ලස් කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි. එසේ නමුත් සංශෝධිත එකී අධිචෝදනා පත‍්‍රයේ ස`දහන් සමහර අධිචෝදනා සනාථ කිරීමට අවශ්‍ය සාක්‍ෂි ලේඛන නොමැති බැවින් නැවත සංශෝධිත අධිචෝදනා පත‍්‍රයක් ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල ගොනු කළ අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබූ අතර ඒ අනුව ඊයේ (26) එකී සංශෝධිත අධිචෝදනා පත‍්‍රය භාරදීම සිදුකළේය. එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත‍්‍රණය ලබන ජුනි 16 වැනිදා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දින නියම කළේය.

විත්තිකරුවෝ තිදෙනාම ඊයේ (26) අධිකරණය හමුවේ පෙනී සිටියහ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා පෙනී සිටි අතර නීතිඥ සුජීව නිශ්ශංක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment