මිලියන 160ක සීනි දඩය භාණ්ඩාගාරයට ලැබුණා

189

ඇමැති සියඹලාපිටිය

රේගු ආඥා පනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝනය කරමින් දුඹුරු සීනි මෙටි්‍රක් ටොන් 607.5ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඇමැතිවරයා කියන්නේ අදාළ දඩ මුදල ලෙස රුපියල් මිලියන 160ක මුදලක් බැර කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රේගුව විසින් නඩු පවරා තිබූ බවත් එහි තීන්දුව ප්‍රකාරව අදාළ දඩ මුදල නියමිත පරිදි ගෙවා දැමීමට සමාගම කටයුතු ඇති බවත් ඇමැතිවරයා පවසයි.

ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී ඉකුත් ජනවාරි මස 09 දා රේගු නිලධාරීන් විසින් සොයා ගැනිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment