ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පාසල් සිසුන්

130

දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට තිස් දෙදහස් තුන්සිය හැටහයක් (32,366) දක්වා ඉහළ නැග ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවැසීය.

එසේම දිවයිනෙන්ම ඩෙංගු මරණ 18 ක් වාර්තා වන බවද හෙතෙම කීය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවනුයේ බස්නාහිර පළාතෙන් බවත් එහි ප්‍රතිශතය සියයට 50 ක් බවත් හේ සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාව 7000 කට අධික බවත් හෙතෙම කීය.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6700 ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1300 ක් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

දිවයිනෙන්ම වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් පාසල් යන වයසේ (අවුරුදු 5 – 19 අතර) දරුවන් සියයට 25 ක ප්‍රමාණයක් සිටින බවද හේ කීය.

පැය 48 කට වඩා උණ පවතින්නේ නම් ළඟම රජයේ රෝහලකට ගොස් වෛi ප්‍රතිකාර ලබාගන්නැයිද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment