යාපනයේ අනාරක්‍ෂිත ළිඳට වැටුණු සිඟිත්තා මරුට

112

යාපනයේ ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු දෙකහමාරක දරුවකු ළිඳකට වැටීමෙන් ඉකුත් 9 දා මියගොස් තිබේ.

දරුවාගේ පියා රැකියාවකට ගොස් සිටියදී නිවසේ මව දිවා ආහාරය පිළියෙල කරමින් සිට ඇත. ඒ අතරවාරයේ දරුවා ගෙවත්තේ ළිඳ දෙසට ගොස් ඇති අතර එහි ආරක්ෂිත බැම්ම බැඳ නොතිබූ ස්ථානයකින් දරුවා ළිඳට වැටී තිබේ.

මව දරුවා නොමැති නිසා ඒ ගැන සොයා බලන විට දරුවා ළිඳ තුළ ජලයේ පාවෙමින් සිට ඇත. වහාම දරුවා යාපනයේ තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිට දරුවා මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු සනාථ කොට තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනයේ ඉලවාලී වසන්තපුරම් ප්‍රදේශයේ පදිංචි කරුණානිධි රක්ෂිකා නමැති දරුවාය.

මියගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යවා ඇති අතර ඉලවාලී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment