මහජන බැංකුවේ ඩිජිටල් ණය පිරිනැමිය හැකි ශාඛා ගණන 300 දක්වා ඉහළට

122

ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, සිය People’s Wiz Credit ඩිජිටල් ණය අනුමත කිරීමේ පහසුකම (RLOS) තුළින් බලගැන්වුනු 300 වැනි ශාඛාව බවට ගන්දර ශාඛාව පත් කරන ලදි.

මහජන බැංකුව සිය ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිමැයුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය විසිහතරක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit ක්‍රියාත්මක වේග පුද්ගලික ණයක් ලබාගැනීමේ දී සිදුකළ යුතු කාර්යයන් රැසක් කඩදාසි භාවිතය අවම කරමින් ඩිජිටල් ක්‍රියාවලියක් ඔස්සේ සිදුකිරිම මේ තුළින් සිදුවේ.

කලකට පෙර පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව මෙවැනි ණය අනුමත කිරීමේ සිට ණය මුදාහැරීම දක්වා පියවර 15 ක් පමණ තිබූ අතර, ඒ සියල්ල සම්පූර්ණ කර ණය ලබාගැනීම සඳහා මාසයක් හෝ ඊට ආසන්න කාලයක් වුව ගත විය හැකිව තිබිණි. කෙසේ වෙතත් RLOS පද්ධතිය හරහා පැය කිහිපයකින් ණය මුදල් අනුමත කරවාගත හැකි වන අතර, ණය මුදලේ ප්‍රමාණය හා ලබාදෙන සුරැකුම් මත මෙම කාලය යම් පමණකට වෙනස් විය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජේවර්ධන, ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම්, මාතර ප්‍රාදේශීය කළමනාකාර අයි.කේ. ඉන්දික, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඩබ්ලිව්. කේ. එස්. වික්‍රමසිංහ, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී තුෂාරි නම්මුනිආරච්චි සහ ගන්දර ශාඛා කළමනාකාරිනි ඩි. සී මල්ලිකාරච්චි යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment