පෑන් ඒෂියා Business Internet Banking හරහා ශ්‍රී ලංකා රේගුවට හා ආයෝජන මණ්ඩලයට ගෙවීම් කිරීමට පහසුකම්

65

2022 ජනවාරි 31, කොළඹ: පෑන් ඒෂියා බැංකුව Lanka Pay අන්තර්ජාල ගෙවීම් වේදිකාව සමඟ සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව වන අතර, පාරිභෝගික පහසුව සහ සිය පාරිභෝගිකයන්ට උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීමේ අරමුණ පෙරටු කොට ගෙන, සිය ගනුදෙනුකරුවන්ට Lanka Pay හරහා ගෙවීම් කිරීමේ පහසුව ලබා දී ඇත. ඒ අනුව පෑන් ඒෂියා Business Internet Banking හරහා ශ්‍රී ලංකා රේගුවට හා ආයෝජන මණ්ඩලයට ගෙවීම් සිදුකළ හැක.

ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීම් සිදුකිරීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයන් හට පෙරදී මෙන් වෙනත් බැංකු වෙත ගොස් ගෙවීම් නියෝග ලබා ගැනීම තවදුරටත් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ පෑන් ඒෂියා Business Internet Banking පහසුකම වෙත පිවිසීම පමණි. ශ්‍රී ලංකා රේගු ගෙවීමේ වටිනාකම කුමක් වුවත් නාමික හා ස්ථාවර ගනුදෙනු ගාස්තුවකට අයවන්නේ රු. 50ක් පමණි. මේ හරහා එක් ගනුදෙනු වාරයකදී ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවිය හැකි වටිනාකම බිලියන 9කි. මෙම නවෝත්පාදනය බදු ගෙවන්නන් හට පහසු, කාර්යක්ෂම සහ ලාභදායී ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. එක් ගනුදෙනු වාරයකදී ආයෝජන මණ්ඩලය වෙත මිලියන 50 ක ගෙවීමක් සිදු කළ හැක. Lanka Pay ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පද්ධතිය හරහා පහසුකම් සපයන මෙම සේවාවේදී ප්‍රමාදයකින් තොරව එවලේම මුදල් බැර කරනු ඇත. එමෙන්ම, මෙම පද්ධතිය හරහා ගෙවීම් සිදුකරන්නන් හට අවශ්‍ය ගෙවීම් තහවුරු කිරීමේ විස්තර ද එවලේම සපයනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟපෙන්වීම යටතේ LankaClear විසින් 2017 දී ඛ්බන්ඡ්හ ඔන්ලයින් ගෙවීම් වේදිකාව දියත් කරන ලද අතර, රාජ්‍ය ආයතන ඩිජිටල් වේදිකා ලෙස බලගැන්වීමේ අරමුණින් සහ විශාල වටිනාකම් සහිත ගනුදෙනු ඩිජිටල් ක්‍රම හරහා පිළිගැනීමට හැකි වන අයුරින් මෙම ක්‍රමවේදය දියත් කරන ලදී.

පෑන් ඒෂියා බැංකුව ඩිජිටල් නව්‍යකරණයේ ඉදිරි පියවරක් ලෙස මෙම ඩිජිටල් ක්‍රමවේදය වැඩි දියුණු කරමින් ගනුදෙනුකරුවන්ගේ පහසුව වර්ධනය කිරීමට ඇප කැප වෙමින් සැබෑම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස එහි තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර ගනී.

advertistmentadvertistment
advertistmentadvertistment