කොත්මලේ හෝල්ඩින්ග්ස් පී එල් සී සහ කාගිල්ස් ඩෙයරීස් පුද්ගලික සමාගම සුසංයෝගයෙන් සැදුම්ලත් කාගිල්ස් ඩෙයරීස් , බාඳුරාගොඩ පිහිටි සිය කිරි නිෂ්පාදන අංශයෙහි අති නවීන Biomass බොයිලේරු ස්ථාපිත කිරීමත් සමඟ පාරිසරික තිරිසරභාවයේ ඉහළ වර්ධනයක් පසුගියදා සනිටුහන් කරන ලදී.

මෙම උපාය මාර්ගික ආයෝජනය පාරිසරික වගකීම සඳහා වන සමාගමෙහි කැපවීම පිළිබිඹු කිරීමක් පමණක් නොව සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභද ගෙන දෙන්නකි. මෙම Biomass බොයිලේරු මගින් වාර්ෂික උදුන් තෙල් පරිභෝජනයේ ටොන් 1800 ක පමණ සැලකිය යුතු අඩුවීමක් සිදු කරනු ඇත. .එමගින් විදේශ තෙල් ආනයන අවශ්‍යතාවය වළකාලන අතර විදේශ විනිමය ඉතිරි කිරීමක්ද වනු ඇත .එමෙන්ම මෙම පරිසර හිතකාමී ඇරඹුම සමාගමට සෘජු මූල්‍ය ඉතිරියක් ද රැගෙන එනු ඇත .

Biomass බොයිලේරු ස්ථාපිත කරමින් කාගිල්ස් ඩෙයරීස් සහ කොත්මලේ සිය තිරසර ප්‍රයත්නයක් ඉහළ නංවයි

නව බොයිලේරු සඳහා ඉන්ධන ලෙස දර භාවිත කෙරෙන අතර තිරසර ලෙස දර ලබා ගැනීමේ ක්‍රමවේදයක්ද නව ඇරඹුම ඔස්සේ හඳුන්වා දෙනු ඇත. ඒ අනුව දර ලෙස පැරණි විශාල ශාක මත රඳා පැවතීම අඩු කරමින් විධිමත් වන වගා ව්‍යාපෘති හරහා දර අවශ්‍යතාවය සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ක්‍රියාවලිය පණගැන්වෙනු ඇත. පොසිල ඉන්ධන මෙන් නොව Biomass බොයිලේරුවේ දර දහනය කිරීමෙන් අවම හානිකර වායු විමෝචනයක් සිදුවන අතර වායු දුෂණය අවම කිරීමේත්, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේත් ගෝලීය උත්සාහයට ද නව ඇරඹුම සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

සාම්ප්‍රදායික පොසිල ඉන්ධන විකල්ප වෙනුවට Biomass බොයිලේරු භාවිතය මගින් කාබන් මධ්‍යස්ථභාවය අත්පත් කර ගැනීමේ සමාගමේ ප්‍රයත්නයටද සහායක් වෙමින් මෙම නව ඇරඹුම තුළින් වාර්ෂිකව කාබන් විමෝචනය ටොන් 6000 කට වඩා අවම කිරීමට උපකාරී වනු ඇත.එමෙන්ම Biomass බොයිලේරු මගින් නිපදවෙන දැව අළු , සංවෘත ලූප පද්ධතියකට යොමු කරමින් පසෙහි තත්වය වැඩිදියුණු කෙරෙන ද්‍රව්‍යයක් හෝ පොහොරක් ලෙස භාවිත කළහැකි අගනා අතුරු නිෂ්පාදනයක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment