රවි ඇතුළු 10 කට එරෙහි බැඳුම්කර නඩුව 25 දාට කල් යයි

137

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මෙම මස 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (11දා) නියෝග කළේය.

2016 මාර්තු 31 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් කෝටි 1500 කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධි සාවi පරිහරණය ඇතුළු අධිචෝදනා 22 ක් යටතේ පවරා තිබූ නඩුව ඊයේ (11දා) අමල් රණරාජා, නාමල් වලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන ති‍්‍රපුද්ගල විනිසුරු ම`ඩුල්ල හමුවේදී කැඳවිණි.

එහිදී විත්තිය විසින් මෝසම් ගොනු කරමින් පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ නඩුවට අදාළ ලේඛන කිහිපයක් පැමිණිල්ල මෙහෙය වන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා විසින් විත්තියට භාර දෙනු ලැබීය. එමෙන්ම මේ වනවිට විදේශ ගත වී සිටින එම නඩුවේ තුන්වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා නමවන විත්තිකාර පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කළ අජාන්

ගාර්දිය පුංචිහේවා මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිකුත් කළ නොතීසි වල පිටපත් ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා විනිසුරු ම`ඩුල්ලට හා විත්තියට භාර දුන්නේය.

රජයේ අධිනීතිඥ චතුරි විජේසුරිය මෙනවිය අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය සම`ග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක- පින්තූරය සමන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment