අප්‍රිකානු දූවිල්ලෙන් ග්‍රීසිය තැඹිලි පැහැ ගනී

361

සහරා කාන්තාරයේ සිට සුළං හරහා ගසාගෙන පැමිණ ඇති කහ හා තැඹිලි පැහැති දූවිලි වලාවක් හේතුවෙන් ග්‍රීසියේ ඇතන්ස් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක ඊයේ (24) තැඹිලි පැහයෙන් යුතු මීදුමක් නිර්මාණය වී තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තත්ත්වය ශරීර සෞඛ්‍යයට අහිතකර විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ග්‍රීසියේ බලධාරීහු මහජනතාවට අනතුරු අඟවා තිබේ. අප්‍රිකාවේ සිට සුළගට ගසා ගෙන විත් ඇති දූවිල්ල හේතුවෙන් ග්‍රීසියේ ඇතැම් ප්‍රදේශවල සම්පූර්ණ වටපිටාවම කහ හා තැඹිලි පැහැ ගැන්වී ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment