පොහොට්ටුවේ සභාපති පුටුවෙන් – ජීඑල් විසිවෙයි

150

මම උසාවි යනවා – ජීඑල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභාව පැවැත්වීම නීති විරෝධී බවත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

අප්‍රේල් 22 වැනිදා රැස්වූ මහ සභාවේදී ගත් තීරණ නීත්‍යානුකූල නොවන බව පමණක් නොව සියලු තීරණ ශූන්‍ය හා ක්‍රියා විරහිත වන බව ද එදිහි ගත් තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බවද ඒ මහතා කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමට පැමිණෙන ලෙස එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව ආරාධනා කර තිබුණත් ජී. එල්. පීරිස් මහතා එම සභාවට සහභාගි නොවීය. අනතුරුව 22 වැනිදා නියම කරගත් පරිදි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැරූ සභාපති ධුරය සඳහා මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර ගෙන තිබේ. අනෙකුත් තනතුරුවල වෙනස්වීමක් නොවූ බව සාගර කාරියවසම් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment