අමරවීරලා තනතුරුවලින් ඉවත් කිරීම වැළැක්වූ වාරණ තව දිගුවෙයි

39

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවිර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් තම අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ලබන අටවැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) නියෝග කළේය.

එම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරුවරයා මෛත්‍රිපාල සිරිසේන, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා හා කේ.පී. ගුණවර්ධන යන වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අමිල දිසානායක, පූර්ණිමා රත්නායක මෙනවිය, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර හා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරු පෙනී සිටියහ. පසුගිය මාර්තු 30 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මධ්‍යම කාරක සභාවේ විධායක සාමාජිකයන්ගේ සහ ආසන හා දිස්ත්‍රික් සංවිධායකයන්ගේ රැස්වීමකදී තමන් එම තනතුරුවලින් ඉවත්කර වෙනත් පිරිසක් එම තනතුරුවලට පත්කිරීම නිති විරෝධී වන්නේ යැයි පැමිණිලිකාර පාර්ශ්වය එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment