අරගලය වෙලාවේදිත් මාව මරන්න හැදුවා ඩීල්වලට යටවෙන් නෑ

135

ජනපති සටනට එනවා විපක්‍ෂ නායක සජිත්

ඩීල් දේශපාලනයට යට නොවී තමන් ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත් වන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තෙදින විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටි අතර කිසිදු බලවේගයකට යටත් නොවී ක්‍රියාකරමින් පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළි කිරීමට ද අනාගත සජබ රජයක් යටතේ කටයුතු කරන බව ද හෙතෙම පැවැසීය. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.

සමහරු කියනවා මම ජනාධිපතිවරණයට එන්නේ නෑලු. මම කියනවා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒගොල්ලෝ කියන්නේ මම එන්නේ නෑ කියලා. එයාලගේ යම් සැලැස්මක් තිබෙනවාද දන්නේ නෑ මම ගැන. හොඳට මතක තියාගන්න මම මරණයට බය නෑ. අරගලය වෙලාවෙත් ගෝල්ෆේස් එකේදී මාව මරන්න හැදුවා. අපි ඒවාට බය වුණේ නෑ. අපි නිවටයෝ නෙවෙයි, මගේ තාත්තත් මරණයට බය වුණේ නෑ. ඒ නිසා මම කියන්නේ මං එක්ක ගනුදෙනුවලට එන්න එපා, මං එක්ක ඩීල් දාන්න එන්න එපා. ඒ ගැන හිතන්නවත් එපා. මට තිබෙන්නේ සමාජ ගිවිසුමක්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment