තිරිඟු පිටි රු. 10 කින් සුදු සීනි රු.25 කින් මිල ඉහළ දමයි

127

ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25 කින් ඊයේ (08 දා) සිට ඉහළ දැමීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇත.

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය රජය විසින් ඉවත් කිරීම සහ ලෝක වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යෑමට සාපේක්‍ෂව මෙසේ තොග මිල ඉහළ දැමූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති, නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ සුදු සීනි මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ ගොස් තිබේ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment