ගුරු විරෝධතාවට එල්ලවූ ප්‍රහාරය ගැන සුසිල් දුක්වෙයි

433

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී ගුරු විදුහල්පති විරෝධතාවක් කරන විට ඇතිවූ සිද්ධිය ගැන අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ නිවේදනයක් මගින් සිය කනගාටුව පළකර සිටියේය.

එම විරෝධයට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලද අතර එහිදී 6 දෙනෙක් තුවාල ලැබූහ.

ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්‍ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවකදී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගතව සිටියදී සිදුවූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කනගාටුව පළ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment