හොරණ – රත්නපුර පාරේ කොටසක් වසා දමයි – පිරවුම්හලට පෙට්‍රල් ලැබීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවෙන්

101

දින කීපයකට පසු හොරණ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලට ඊයේ (06 දා) දහවල් පෙට්‍රල් ලැබීමත් සමග එම පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අතිවිශාල පිරිසකගේ නොසන්සුන්තාවක් සමඟ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

මේ නිසා හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගය බෝගහ අසල සිට එක කොටසක් තාවකාලිකව වසා දැමීමටද පොලිසියට සිදුවිය. අවස්ථා කීපයකදීම පැමිණි පිරිස් අතර පෝලිම් පැනීම නිසා ගැටුම් කීපයක්ද ඇති විය.

ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ හොරණ පොලිසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කටයුතු කරනු දක්නට ලැබිණි. මේ තත්ත්වය නිසා නගරයට පිවිසෙන රථවාහන බොහෝමයක් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමට කටයුතු කරන ලදී.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment