යොවුන් ලෝක කුසලානයෙන් නවසීලන්තය ඉවත්වෙයි

568

2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් ඉවත්වීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කර තිබේ. තරගාවලියෙන් අනතුරුව නැවතත් සිය රටට පැමිණෙන යොවුන් කී‍්‍රඩකයන් වෙත පනවා ඇති දැඩි නිරෝධායන සීමාවන් හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගත් බව නවසීලන්ත කි‍්‍රකට් ආයතනය සඳහන් කර සිටී.
 
නවසීලන්තය අදාළ තරගාවලියෙන් ඉවත්වීමත් සමගින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉවතට විසිවුණු ස්කොට්ලන්තයට මෙවර ලෝක කුසලාන තරග වරම් හිමි වී තිබේ.
 
2022 වසය අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන ජනවාරි මස 14 වැනිදා සිට පෙබරවාරි මස 05 වැනිදා දක්වා කැරිබියන් දූපත් හිදී පැවැත්වේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment