අලුත් විශ්වවිද්‍යාල අරින්න පෙර තිබෙන ඒවා දියුණු කරන්න – ජී. එල්. පීරිස්

67

ජනාධිපතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි

ජනාධිපතිවරයා පවසන ආකාරයට නව විශ්වවිද්‍යාල 10 ක් විවෘත කිරීමට පෙර පවතින විශ්වවිද්‍යාලවල භෞතික සම්පත් මෙන්ම මානසික සම්පත් වර්ධනය කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (18දා) පැවැසීය.

මෙවැනි ප්‍රකාශ ප්‍රායෝගික නොවන බව ඒ මහතා නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (18දා) පැවැති මාධය හමුවට එක්වෙමින් පැවැසීය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල්දැමීම යෝග්‍ය බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ බවත්, එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බවත් ඒ මහතා කීය.

ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයකු වන බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා ජනාධිපතිවරණය නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත් කියා සිටියේය. ජනාධිපති ධුර කාලය අවසන් වූ පසු මහජන මතය උරගා බැලිය යුතු බව ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ද ප්‍රකාශ කර ඇති බව ඒ මහතා පැවැසීය.

දෙවන ණය වාරිකය ලබාදීම සඳහා අයිඑම්එෆ් නියෝජිතයන් මෙරට සමීක්‍ෂණ කටයුතුවල නියැළෙන බවත්, එවැනි අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම යෝග්‍ය නොවන බවත් පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment