ආර්ථිකය සියයට 04ක් නොවුනොත් ණය අවුල් ජාලාවක

144

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසර දෙකක කාලයේදී සියයට 4%ක් දක්වා වර්ධනය කර නොගතහොත් මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩ පිළිවෙළ දැඩි අර්බුදයකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අනතුරු අඟවා ඇත.

මේ සම්බන්ධව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවැසුවේ ඉදිරි වසර දෙකක කාලයේදී රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා රජය ඵලදායී නිසි වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඇඟලුම් ඇතුළු මෙරට නිෂ්පාදන අපනයනය වැඩි කිරීම සහ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම බවද හෙතෙම කීය.

තමා චීනයේ කළ නිල සංචාරයේදී චීනය සමග පවතින ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සමග සාකච්ඡා කළ බවත් එහිදී ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment