කළු කඩේට විගණනයෙන් දැලක්

160

අසාමාන්‍ය ලෙස ලාභ උපයමින් පාරිභෝගිකයින් සූරාකනු ලබන වෙළෙඳුන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරි පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව වහාම කටයුතු කළයුතු බැව් ජාතික විගණන කාර්යාලය මගින් පාරිභෝගික අධිකාරිය වෙත නිර්දේශ කර ඇත.

පාරිභෝගික අධිකාරිය සම්බන්ධයෙන් කරනු ලැබූ විශේෂ විගණනයේ දී විගණකාධිපතිවරයා විසින් නව නිර්දේශ කිහිපයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් තවදුරටත් උපරිම සිල්ලර මිල සහතික නිකුත් කිරීමට අවශ්‍ය භාණ්ඩ වර්ග හඳුනාගෙන වර්තමානයට ගැලපෙන ආකාරයට එම භාණ්ඩ වර්ග ද ඇතුළත් කරමින් පුළුල් ආවරණයක් වන පරිදි නව විධාන පැනවීම සිදුකළ යුතුය.

එමෙන්ම පාලන මිලක් පැනවීම සඳහා නිර්දේශ කිරීමේ දී ඒ සඳහා වෙළෙඳපොළ මිල ගණන් සහ පිරිවැය සැලකිල්ලට ගෙන තාත්වික මිලක් නිර්දේශ කළ යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත. එමෙන්ම පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් පුළුල් කළ යුතු අතර ආනයනකරුවන් හා තොග වෙළෙඳුන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් පුළුල් කළ යුතුය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment