ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තේ වතු කම්කරු සේවකයන් සඳහා ‘SLIC ජීවන ශක්ති රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

44
(වමේ-දකුණට) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා, භාරත් අරුල්සාමි මහතා, සභාපති - වැවිලි මානව සංවර්ධන භාරය, ජීවන් තොණ්ඩමන් මහතා - ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සහ සෙන්තිල් තොණ්ඩමන් - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර යන මහත්වරු ඡායාරූපයෙන් දැක්වේ.

සිරිමන්ත රත්නසේකර

වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව ගෙන එන විශේෂ ව්‍යාපෘතියකි.ශ්‍රී ලංකාවේ විශාලතම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා ජීවිත හා සෞඛ්‍යය රක්ෂණ සැලසුමක් වන ‘SLIC ජීවන ශක්ති’ හඳුන්වා දෙයි. මෙම විශේෂ රක්ෂණ ආවරණය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වී වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ගෙන එන විශේෂ සැලසුමකි.

ශ්‍රී ලංකාව උසස් ගණයේ තේ නිෂ්පාදකයෙක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා තිබේ. ලොව බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව හඳුනාගන්නේ ‘සිලෝන් ටී‘ යන නාමය හේතු කොට ගෙනය. ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට තේ කර්මාන්තයෙන් සිදුවන දායකත්වය සුළු පටු එකක් නොවන අතර එය මෙරට අපනයන අංශයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එවන් කර්මාන්තයක වඩාත්ම වටිනා සම්පත් දායකයා වන්නේ වතු කර්මාන්ත සේවකයින්ය. ඔවුන්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාවය මෙම කර්මාන්තයේ දීර්ඝකාලීන පැවැත්මට හේතු වේ. තේ වතු කම්කරුවන් කළමනාකරණ කටයුතු සිට තේ දළු නෙළන කාර්යයන් අතර පරාසයේ සිදුවන සෑම කටයුත්තකටම තම ශ්‍රම දායකත්වය ලබා දේ. 150,000 කට අධික පිරිසක් මේ වන විට වතු කම්කරුවෝ ලෙස සේවයේ යෙදී සිටී. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දිගු කාලීනව පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මෙම ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කිරීම මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු‍ දෙනාගේම වගකීමකි.

තම ව්‍යාපාරික වගකීම් අවබෝධ කරගත් රක්ෂණ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, රටේ ජනතාවගේ ජීවන රටාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා නව රක්ෂණ සැලසුම් නිරන්තරයෙන්ම වෙළෙඳපොළට හඳුන්වා දෙයි. එසේම ඔවුන් නව ප්‍රජා කාණ්ඩ හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීමට කටයුතු කරයි. රටේ සෑම පුරවැසියෙකුටම රක්ෂණයක් ලබා දීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙසේ කටයුතු කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍ය රක්ෂකයා ලෙස මෙම සුවිශේෂී ජන කොටස සඳහා විශේෂ ජීවිත සහ සෞඛ්‍ය ආවරණයක් වන ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවන ශක්ති’ හඳුන්වා දීමට කටයුතු කර ඇත.

‘SLIC ජීවන ශක්ති’ යනු තේ කර්මාන්තයේ වතු කම්කරුවන්ට සුවිශේෂී වූ ජීවිත රක්ෂණ සැලසුමකි. එය පවුල් ආවරණයක් ලෙස පිරිනමනු ලබන අතර එය වයස අවුරුදු 18-70 අතර සේවකයින් සඳහා වේ. අසාධ්‍ය රෝග ප්‍රතිලාභ, රෝහල් ගාස්තු ප්‍රතිලාභ, ජීවිත ආවරණ යනාදිය මෙම රක්ෂණ සැලසුම් මගින් ආවරණය වේ. මෙම රක්ෂණ සැලසුම ඔප්පුව හිමියන්ගේ සහකරු හෝ සහකාරිය සහ දරුවන් ද ආවරණය කරයි.

‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවන ශක්ති‘ රක්ෂණාවරණය හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම මහතා ප්‍රකාශ කළේ, ජනතාවගේ නිරන්තරයෙන් වෙනස් වන රක්ෂණ අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා වලට සරිලන නව්‍ය රක්ෂණ විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තරයෙන්ම කැප වී සිටින බවත් තම පාරිභෝගිකයින්ට දැරිය හැකි පහසු වාරික මුදලකට අසමසම වටිනාකමක් සහ පුළුල් ආරක්ෂාවක් ලබා දීමටත් නිරතුරුවම කටයුතු කරන බවත්ය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රටේ විශාලතම රක්‍ෂණ සේවා සපයන්නා ලෙස ජනතාවගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට සැමවිටම ඉදිරියෙන් සිටිමින් කටයුතු කරන බවයි. එසේම, තේ කර්මාන්තය රටේ ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර වගකිවයුතු ආයතනික පුරවැසියන් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කරනා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සෑම ආයතනයකම වගකීමක් බවත් ඒ මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment