අධිකරණ නියෝගය මෛත්‍රීට ලැබී නැහැලු

361

තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

අද දහවල් වෙනකොට දැනගන්න ලැබුණු දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිකරණයට ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් අරගෙන තියෙනවා මාව සභාපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා. ලබන 18 වනදා දක්වා ඒ තහනම් නියෝගය ක්‍රියාත්මක වන බව මාධ්‍ය තුළින් මා දැක්කා. ඒ ඇරෙන්න තවම මේ වෙනකල් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කඩදාසි කිසිවක් අපිට තවම ලැබිලා නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment