මහින්ද,දුමින්ද,ලසන්ත යළි ‘අත’ අල්ලති

527

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කර සිටි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු කොළඹ ඩාලි පාරේ පිටිහි එම පක්‍ෂ මූලස්ථානයට අද පස්වරුවේ පැමිණ නැවත රාජකාරි ආරම්භ කළහ.

පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තිදෙනා පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කිරීමට පසුගිය සතියේ පියවර ගත් අතර නමුත් ඔවුන් දැරූ තනතුරුවල කටයුතු කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලැබීමෙන් පසුව ඔවුහූ මෙසේ මූලස්ථානයට පැමිණියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරයේ කටයුතු තහනම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයෙන් පැනවූ වාරණයත් සමඟ එම පක්‍ෂය නව ගමනක් ආරම්භ කරන බවත් පක්‍ෂය හැර ගිය සියලුම දෙනාට එම ගමන සඳහා ආරාධානා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයාගේ දියණිය වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පක්‍ෂයට පත්ව ඇති විනාශ පිළිබඳව බලාසිටිය නොහැකිව අධිකරණ ක්‍රියාවලියකට යොමු වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණයෙන් අද දිනයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගයක් ලැබුණු බවත් ඒ මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment