ඩුබාහිදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් එකවර මියයති

816

ඩුබායි රටේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එකවර මරණයට පත්ව ඇතිබවට තොරතුරු ලැබී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව කිරිවැල්කැළේ එස්. එම්. ජී. වත්ත පදිංචි පී.එම්.සඳුන් මධුසංක නැමති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සහ ආරච්චිකට්ටුව ඇන්ටන්විල්වත්ත අංක 343 පදිංචි මොහන්දිරම්ලාගේ රමේෂ් උදාර තිළිණ නැමති 42 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම පුද්ගලයින් මීට වසර හතරකට සහ දෙකකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ ඒජන්සියකින් ඩුබායි රටේ රැකියාවකට ගොස් ඇත.

මෙම පුද්ගලයින් සෑම දිනකම සිය ඥාතීන් සමග දුරකථන මාරගයෙන් සම්බන්ධතා පවත්වාගන ගොස් ඇතිබවත් මරණයට පත්වීමට දින කීපයකට පෙර තමන් අසනීප තත්වයකින් පසුවන බව මෙරට වාසය කරන සිය ඥාතීන් සමග පවසා තිබේ.

අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් එරට රෝහලට ඇතුලත් කීරීමෙන් පසු පසුගිය 30 වැනිදා මරණයට පත්ව ඇතිබව එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඥාතීන් පවසන්නේ මෙම මරණ සමබන්ධයෙන් ශ්‍රී ලංකා රජය මැදිහත්ව මෙරටට මෘත ශරීර ගෙන්වා විධිමත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා මරණවලට හේතු සොයා දෙන ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment