සෙලාන් කාඩ්පත් සහ Halo Flights LK වෙතින් සිංගප්පූරුවට සහ මාලදිවයිනට යාමට සහ ඒමට නොමිලේ ගුවන් ටිකට්පත්

76

සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගමක් වන Halo Flights LK සමග අත්වැල් බැඳගෙන, සිය කාඩ්පත් හිමියන්ට නොමිලේ ගුවන් ට්කට්පත් දිනාගැනීමට අවස්ථාව උදාකරදී තිබේ.

මේ යටතේ 2023 අගෝස්තු 01 දින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා සෑම මසකදීම සෙලාන් කාඩ්පත් හිමියන්ට සිංගප්පූරුවට හෝ මාලදිවයිනට යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම දිනුම් ඇදීම මගින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 5 දෙනෙකුට ගුවන් ටිකට්පත් 10 ක් දිනාගැනීමට අවස්ථාව ලැබෙන අතර, දිනුම් ඇදීමට ඇතුළත් වීමට ඔවුන් කළ යුතු වන්නේ තම සෙලාන් කාඩ්පත් භාවිතයෙන් රු. 5,000 ක හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සිදුකිරීම පමණි. සිදුකරන ගනුදෙනු ප්‍රමාණයට සාපේක්ෂව දිනුම් අවස්ථා ගණන වැඩි වන අතර, විනිවිදභාවයෙන් යුත් දිනුම් ඇදීමේ ක්‍රියාවලියකින් අනතුරුව සෑම මසකදීම ජයග්‍රාහකයෙකු බැගින් තෝරාගනු ලැබේ.

සෙලාන් කාඩ්පත් සන්නාම කළමනාකාරිනී භවන්ති ආරියරත්න, සෙලාන් කාඩ්පත් කළමනාකරු රොෂාන් රාජපක්ෂ සහ සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ යන මහත්ම මහත්මීන් සමග Halo Flights LK වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරුන් වන නස්මි ෆවුසිල්, ඩෙනන් පොලොක් සහ ශෆ්රාන් නවුමන් යන මහත්වරුන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment