පාකිස්තානයේ අකුණුවලින් 49ක් මරුට

128

පාකිස්තානය පුරා ඇද හැලී ඇති ධාරානිපාත වර්ෂාව හා අකුණු ගැසීම් හේතුවෙන් ඉකුත් දින තුනක කාලය තුළදී පුද්ගලයන් 49 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මියගොස් ඇති පිරිසෙන් 21 දෙනකු පන්ජාබ් ප්‍රාන්ත වැසියන් බව එම මාධ්‍ය කියයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිරිතදිග පාකිස්තානයේ බලධාරීන් විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයන් අතර තිරිඟු අස්වැන්න නෙළමින් සිටියදී අකුණු වැදීමෙන් මියගිය ගොවීන් පිරිසක්ද සිටින බව අනාවරණය වී තිබේ. ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වයඹ දිග පාකිස්තානයේ හා නැගෙනහිර පන්ජාබ් ප්‍රාන්තයේ නිවාස විශාල ප්‍රමාණයක් කඩා වැටී ඇති බව වාර්තා වී තිබේ. මෙම සතිය තුළදී තවත් දරුණු වැසි හටගන්නා බවට පාකිස්තාන කාලගුණ බලධාරීහු නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment