ඕස්ට්‍රේලියාවේ අදානිට ඇති තැන

604

ඉන්දියාවේ ස්වෛරීභාවය සඳහා ඕස්ට්‍රේලියාවේ ගෞරවය නොසැලෙන බව ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බැරී ෆැරල් මහතා ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය.ආර්ථික සහයෝගිතා සහ වෙළඳ ගිවිසුමක් ඇති ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැනි රටවල මිනිසුන් ඔවුන්ගේ උනන්දුව මත තීරණ ගනී. එසේ නොමැතිව තීරණ ගන්නේ ආණ්ඩුව නොවේ යැයිද මහකොමසාරිස්වරයා පැවසීය.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනේස් මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහකොමසාරිස්වරයා මේ බව පැවසීය.
මෙම සංචාරය මාර්තු 8 සිට 11 දක්වා පැවැත්වේ. බ්‍රිස්බේන් ඇතුළු ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන් භීතියට පත් වූ බවත් භාෂණයේ නිදහස තුළ වෛරී ප්‍රකාශ හෝ විනාශකාරී ප්‍රචණ්ඩ විරෝධතාවල නියැලීමේ අයිතියට තම රට තුළ අවසර ලබා නොදෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාව තුළ අදානි සමාගමේ ආයෝජන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර එහි මෙහෙයුම් නතර වූ බවක් වාර්තා වී නැතැයි ද පවසයි. එනිසා අදානි මහතා තවමත් ඉන්දියාවෙන් සැලකිය යුතු ආයෝජකයෙක් යැයි සඳහන් කරයි. අදානි සමූහ ව්‍යාපාරයට සාර්ථක ව්‍යාපාර ඇති බවත් ඕස්ට්‍රේලියාවේ ඉන්දියාවේ විශාලතම ආයෝජකයා ලෙස දිගටම කටයුතු කරන බවත් ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment