ඉන්දියාව දිය යට පළමු දුම්රිය ධාවනය අරඹයි

826


ඉන්දියාව ගංගාවක් යටින් ඉදිකළ පළමු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රියක් ධාවනය කිරීම සාර්ථකව සිදුකළේය.එය හූග්ලි ගග යටින් ඉදිකළ මීටර් 520ක උමං මාර්ගයක් ඔස්සේ මෙට්‍රෝ දුම්රිය දෙකක් අත්හදා බැලීමක් ලෙස ධාවනය කරවමිනි.ඉකුත් 12 වැනිදා පෙරවරු 11.45ට මෙහි පළමු දුම්රිය ධාවනය සිදුවිය.මෙය ඉන්දීය මෙට්‍රෝ දුම්රිය ධාවනය ආරම්භ කර වසර 40කට පසු ලද ඓතිහාසික ජයග්‍රහණයක් බව ඉන්දීය දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. හූග්ලි ගග හරහා මෙට්‍රෝ දුම්රිය නැගෙනහිර බටහිර මෙට්‍රෝහි හවුරා දුම්රිය ස්ථානයට පැමිණි විට ඉන්දියාවේ ගැඹුරුම දුම්රිය ස්ථානය බවට ද පත්විය.එය පොළොව මට්ටමේ සිට මීටර් 33ක් පහළින් පිහිටා ඇත.මෙම උමං මාර්ගය ඔස්සේ පැයට කිලෝ මීටර් 80ක වේගයෙන් ධාවනය කළ දුමිරිය තත්පර 45ක දී ගග හරහා ගමන් කළේය. මෙම දුම්රිය මහජනතාවට විවෘත කිරීමට පෙර මාස 05ත් 07ත් අතර කාලයක් අත්හදා බැලීමට නියමිතය.ඉන් පසු වානිජ මෙහෙයුම් සඳහා ආරක්ෂක අනුමැතිය ලබාගෙන මෙම වසර අවසානයේ සිට ධාවනය ආරම්භ කිරීමට බලාපොරොත්තුවේ. මෙම උමං දුම්රිය මාර්ගය ඉන්දීය දුම්රිය දෙපාර්තුමේන්තුවට එක්වීමත් සමග ලන්ඩන්,පැරිස්,නිව්යෝර්ක්,ෂැංහයි,කයිරෝ ආදී දුම්රිය සේවාවන් මට්ටමට පත්වේ.එසේම තේම්ස්,සේන් සහ හඩ්සන් ගංගා හරහා ධාවනය වන දුම්රිය මාර්ග හා සමාන වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment