පහරදී බිරිය මරා දැමූ කසකස්තාන හිටපු ඇමැති වසර 20ක් හිරේ

306

සිය බිරියට පැය අටකට අධික කාලයක් තිස්සේ දරුණු ලෙස වධ හිංසා පමුණුවමින් මරා දැමීමේ චෝදනා එල්ලවී ඇති කසකස්තාන රාජ්‍යයේ හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා වන කුවන්ඩික් බිස්හිම්බයෙව් වසර 20ක් දක්වා වන සිර දඬුවමකට මුහුණ දීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙම දිනවල කසකස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයට ඉදිරිපත්ව ඇති සීසීටීවී දර්ශන සාක්ෂිවලට අනුව හිටපු කසකස්තාන ඇමතිවරයා ඉකුත් නොවැම්බර් මස 09 වැනිදා එරට විශාලතම නගරය වන අල්මාටි නගරයේ පිහිටි පවුලට අයත් හෝටලයක විශේෂ අමුත්තන් සඳහා වන කාමරයකදී පැය අටකට අධික කාලයක් අතින් පයින් අමානුෂික අයුරින් පහර දෙමින් සිය 31 හැවිරිදි බිරිය වන සල්ටනට් නුකේනොවා ඝාතනය කර තිබේ.

පැය අටකට අධික කාලයක් සිය බිරියට පහර දී ඇති බිස්නිම්බයෙව් හිටපු කසකස්තාන ඇමැතිවරයා අනතුරුව ඇයගේ කොණ්ඩයෙන් ඇදගෙන හෝටලයේ සීසීටීවී කැමරා නොමැති කාමරයකට ඇදගෙන යන අයුරු අදාළ කැමරා දර්ශනවලින් පෙන්නුම් කර ඇති බව අල් ජසිරා පුවත් සේවය පවසයි. ලේ වහනය වෙමින් සිය බිරිය මැරී වැටී සිටියදී ඝාතක සැමියා දුරකථනයෙන් ශාස්ත්‍ර කියන්නකුට අමතා බිරිය හොඳින් සිටින බව කියවාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ. .අනතුරුව පැය 12කට පමණ පසු ගිලන් රථයක්

ගෙන්වා හිටපු ඇමතිවරයාගේ බිරිය රෝහල්ගත කිරීමට උත්සාහ දරා ඇතත් එහිදී ඇය මියගොස් ඇති බව ප්‍රකාශ වී තිබේ. මෙසේ හිටපු ඇමතිවරයා සිය බිරිය අමානුෂික අයුරින් පහරදී මරා දැමීමේ සිද්ධියට අදාළ සීසීටීවී කැමරා දර්ශන ප්‍රසිද්ධ වීමත් සමගම කසකස්තානය පුරා මෙවැනි හිංසාකාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂණ ව්‍යාප්ත වෙමින් තිබෙන බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment