බැඳුම්කර සාකච්ඡාවට අයි.එම්.එෆ්. උදව්

42

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වුවත් ඉදිරි සති කිහිපයේ දී නැවත එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව විසින් ගෙවීම් පැහැර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මස වනවිට ආයෝජකයින් සමග ගිවිසුමකට එළැඹෙනු ඇතැයි ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment