පේරාදෙණි සිසු පා ගමනට කඳුළු ගෑස් – 15 දෙනකුට තුවාල පොලිසිය පන්න පන්නා අපට පහර දුන්නා

252

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (18 දා) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට පොලිසිය විසින් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුණු අතර මෙහිදී විශ්වවිiාල සිසු සිසුවියන් 15 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

“සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුලා ගනු” “නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු”, “ත්‍රස්තවාදී පනත අහෝසි කරනු” යන සටන් පාඨ ඔස්සේ ඔවුන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

පේරාදෙණිය විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ළහිරු ප්‍රනාන්දු ‘දිවයින’ට මෙසේ පැවසීය.

අපි මේ විරෝධතා පා ගමන බොහොම සාමකාමී විදිහටයි පැවැත්වුවේ. පොලිසිය කඳුළුගෑස් විතරක් නෙවෙයි බැටන් පොලුවලින් අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පන්න පන්නා පහර දුන්නා. පොලිසිය සත්තු වගේ හැසිරුණේ. තව එක් සහෝදරයකුට කඳුළුගෑස් ගහනකොට රබර් උණ්ඩයක් පපුවට වැදිලා රෝහලට අරගෙන ගියා. බැටන් පොලුවලින් ගහපු නිසා සමහර අයගේ පිටවල් තුවාල වෙලා. නිරායුධ පිරිසකට මෙහෙම ගහන්න මේ අයට තියෙන අයිතිය මොකක්ද?
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment