වගා හානි වන්දි දීමට හැකි භෝග වර්ග 6කටයි – ඇමැති අමරවීර කියයි

97

වගා හානි ලෙස වන්දි ලබාදිය හැක්කේ තෝරාගත් භෝග වර්ග හයක් සඳහා පමණක් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව වී, මිරිස්, බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල් සහ බී ලූනු වගාවන් නියං තත්ත්වය නිසා හානියට ලක්වී ඇත්නම් ඒ සඳහා වන්දි ලබාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීවේය. දැනට වන්දි ලෙස ගෙවන්නේ අක්කරයකට රුපියල් හතළිස් දහසක් බවත් එම මුදල වැඩිකර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ගිනි තැබූ වගා ඉඩම් සඳහා වන්දි ලබා නොදෙන බව ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment