ජාත්‍යන්තර රග්බි රෙගුලාසි කඩ කළ හිටපු සභාපතිට විරුද්ධව ලෝක රග්බි බලධාරීන් නිහඬ ඇයි?

202

වසර ගණනක් ගියත් වරදට දඬුවම් නොලැබීම ප්‍රශ්නයක්- හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් විමසයි

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම යටතේ ජාත්‍යන්තර රග්බි රෙගුලාසි කඩකර ෆීජි ජාතිකයන් තිදෙනකුට ශ්‍රී ලංකා රග්බි නියෝජනය කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා රග්බි එකල හිටපු සභාපතිවරයාට එරෙහිව ලෝක රග්බි බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීම බරපතළ වරදක් බව හිටපු ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සඳහන් කරයි.

එම වරදට අදාළ දඩ මුදල තවමත් ලෝක රග්බි සංවර්ධන සහ ලෝක රග්බි ප්‍රදාන අරමුදලෙන් අඩු කිරීමට යටත්ව පවතින අතර, එවකට සභාපතිත්වය දැරූ පුද්ගලයාට සහ ඔහුගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි නිලධාරීන් කෙරෙහි ලෝක රග්බි සහ ආසියා රග්බි නිලධාරීන් දෑස් අන්ධ වී සිටින්නේ මන්ද යන්න ප්‍රශ්නයක් බව ද ඉල්ලියාස් මහතා විමසයි.

ලෝක රග්බි මේ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ ඔවුන් දේශපාලන බලපෑම්වලට ලක්වෙලාද? එසේත් නැතිනම් නාමල් රාජපක්ෂ එවක ශ්‍රී ලංකා රග්බි ජාතික කණ්ඩායමේ නායකයාව සිටි නිසාද නැතහොත්, ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව සිටි නිසාද යන්නත් ප්‍රශ්නයක් බව ඉල්ලියාස් මහතා ප්‍රකාශ කරයි. මෙම සිද්ධිය දඩයකට පමණක් යටත් කර අතුගා දමා නිලධාරීන්ට වසන් කරන ලෙස කීම පිළිබඳව ඔවුන් කනස්සල්ලට පත්ව සිටියාද යන්න ප්‍රශ්නයක් බවද ඉල්ලියාස් මහතා සඳහන් කරයි.

ලෝක රග්බි නියෝජිත ඩේවිඩ් කැරිජි ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී සමග ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සඳහා දේශපාලනික වශයෙන් බල කරමින් ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාව කොළඹ ක්‍රීඩා සමාජ සමගින් වෙනස් කළ බව තමන්ට පෙනී ගිය බවද ඉල්ලියාස් මහතා පවසයි.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයා නිසි එකඟතාවයකින් තොරව මෙය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක රග්බි විසින් නිර්දේශ කරන ලද නව ප්‍රතිසංස්කරණ සඳහා පළාත් සංගම් පැමිණීම පසෙකින් තබා ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුව බලවත් බවට පත් කරමින් 8 දෙනෙකුගෙන් යුත් විධායක සමාජවල දෙදෙනකු පළාත් සංගම්වලින් තෝරා ගැනේ. එහෙත් ශ්‍රී ලංකා රග්බි කවුන්සිලය රූකඩ බවට පත් කරමින් මාස 3කට වරක් පමණක් රැස් වන බවද ඉල්ලියාස් මහතා සඳහන් කරයි.

ප්‍රධාන ක්‍රීඩා සංගම් නිලවරණවලදී ඡන්ද මංකොල්ලකෑම් වැඩි බව අපට පෙනෙන නිසාත් පළාත් සංගමය හරහා නොපැමිණ, වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රීඩා සමාජ සෘජුවම ඡන්දය ප්‍රකාශ කිරීමේ පියවරට ලෝක රග්බි සහාය දක්වන ආකාරය කෙනෙකුට තේරුම් ගත නොහැකි බව ද ඉල්ලියාස් මහතා පැවසීය.

එසේ නම් ලෝක රග්බි මෙම ක්‍රමයට සහාය දක්වන්නේ ඇයි ද යන්න පිළිබඳව ද ඉල්ලියාස් මහතා ප්‍රශ්න කර සිටියේය. පසුගිය දා කොළඹ දී මාධ්‍ය නියෝජිතයන් කිහිප දෙනෙකු අමතමින් පැවති සාකච්ඡාවකදී ඉල්ලියාස් මහතා එම අදහස් දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment