තිදරු පියා ඝාතනය කළ සැකකරුවෝ ලේ පැල්ලමකින් නීතියට කොටු

822

ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් ගලහ බෙල්වුඩ් ජනපදයේ නිවසක තනිව විසූ තිදරු පියකුගේ ගෙල කපා ඝාතනය කර තිබියදී ගලහ පොලිසිය සොයා ගෙන ඇත. 24 වැනිදා දහවල් මෙසේ ඝාතනය වී ඇත්තේ පොන්නයියා ජෙය කුමාර් නැමැති හතළිස් පස් හැවිරිදි අයෙකි.

මොහු විවාහ වී සිටින සිංහල ජාතික බිරිඳ විදේශගතව රැකියාවක් කරන බව ගලහ පොලිසිය පවසන අතර මොහුට දියණියන් තිදෙනකු සිටී.

මෙම පුද්ගලයා නිවසේ සිටියදී ඝාතනය වී ඇති අතර ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුමට දැන්වූ පුද්ගලයා හා ශරීරයේ රුධිරය ගෑවී සිටි අසල්වැසි පුද්ගලයකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු රාගම ප්‍රදේශයට පැන ගොස් සිටියදී ලද තොරතුරකට අනුව ඔහුද පෙරේදා (24 දා) රාත්‍රියේදීම රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව ද ගලහ පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනාගෙන් ඝාතනයට සම්බන්ධ අය අතර පිය-පුතු දෙපළක් ද සිටින බවත් පොලිසිය සඳහන් කරයි.

මොවුන්ගෙන් ලද තොරතුරු අනුව මෙම පුද්ගලයා ඝාතනය වී ඇත්තේ 23 දින රාත්‍රී දහයට පමණය. ඉන් පසු මොවුන් තිදෙනා එක්ව ඝාතනය වූ අයගේ ලේ තැවරුණු ඇඳුම් ඉවත් කර වෙනත් සරමක් අන්දවා බිම වැටී සිටි එම පුද්ගලයා ඇඳ මත තැබූ බව ද හෙළිවී ඇත.

මින් එක් සැකකරුවකු පසුදින පෙරවරු 11.00ට පමණ එම නිවසට ගොස් බලා පොලිස් හදිසි ඇමතුම් අංශයට සිද්ධිය දන්වා තිබේ. මෙම නිවස පුරාම ලේ තැවරී තිබූ අතර එක් සැකකරුවකුගේ ඇඟේ ගෑවේ තිබූ රුධිරය ද ඔහුට හරිහැටි සෝදා ගැනීමට නොහැකි වීමෙන් ඔහු මෙසේ කොටු වී තිබේ.

මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් විය.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක සහකාර පොලිස් අධිකාරී කමල් ආරියවංශ ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ උප පොලිස් පරීක්ෂක වීරසිංහ පොලිස් සැරයන් (47222) රණසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන (71126) වික්‍රමසිංහ, (73879) සංඛ, (99520) මියුලංගඳ, (99517) විජේතුංග, (52299) ගුණවර්ධන යන නිලධාරීහු මෙහි පරීක්ෂණ පැවැත්වූහ. පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (25 දා) දින පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment