බෝතලේගම නාහිමියන්ට පිහියෙන් ඇනීම මෙහෙයවූ මහ මොළකරු දැලේ

1096

බෝතලේගම සාම විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෝතලේගම සංඝරතන නාහිමියන් ඝාතනය කර උන්වහන්සේට අයත් වාහනය පැහැර ගැනීමේ අරමුණින් පැමිණි නාඳුනන පිරිස මෙහෙයවූ බව කියන මහ මොළකරු හා ඔවුන් පැමිණි බව කියන වාහනය

පසුගිය 02 වැනිදා පස්වරුවේ කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

2021 ජනවාරි මස 29 වැනිදා මෙම සාහසික පිරිස රාති‍්‍ර 08.15ට පමණ පිරිත් නූලක් බැඳීමට යැයි කියා නාහිමියන් අවදි කරවා උන්වහන්සේ ඝාතනය කිරීමට තැත් කළ අවස්ථාවේදී උන්වහන්සේගේ කෑ ගැසීම ඇසී අදාළ විහාරස්ථානයේ තවත් හිමිනමක් හා තරුණයින් දෙදෙනකු දිවඒමත් සමගම එම පිරිස නාහිමියන්ගේ පපුවට පිහි පහරවල් 03 ක් ඇන උන්වහන්සේට අයත් ‘ස්මාර්ට්’ දුරකථන 02ක් හා වාහනයේ යතුර ද රැුගෙන පලාගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.

බරපතළ තුවාල ලත් නාහිමියන් එදිනම මාරවිල රෝහලට ඇතුළත් වීමෙන් පසුව විහාරස්ථානයේ හා අසල නිවසක සීසීටීවී මගින් සැකකරුවන් පැමිණි වාහනය හා වේලාව සොයාගත් නමුත් නාහිමියන් රෝහලෙන් පිටවී විහාරස්ථානයට එනතෙක්වත් සැකකරුවන් හෝ අදාළ වාහනය අත්අඩංගුවට ගෙන නොතිබුණි.

දැනට අත්අඩංගුවට ගෙන ඇති මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණ ඇතැයි කියන වාහනය කටුනේරිය ප‍්‍රදේශයේ අයකු විසින් අලූත්වැඩියාවක් සඳහා සැකකාර පුද්ගලයා වෙත

ගෙනවිත් තිබූ එකක් බව ද පොලිසිය පවසයි. ප‍්‍රධාන සැකකරු මෙම නාහිමියන්ගේ හිටපු වාහන රියැදුරකු බවත් මුදල් සොරකමක් නිසා ඔහු සේවයෙන් ඉවත් කිරීම මෙම ගැටුමට හේතුවී ඇති බවත් පොලිසිය කියයි.

කොස්වත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී. ජයනාත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. දිසානායක ප‍්‍රමුඛ නිලධාරි පිරිසක් විමර්ශන කටයුතු කරගෙන යති. අත්අඩංගුවට ගෙන ඇති සිද්ධිය මෙහෙයවූ තැනැත්තා සමග මෙම වාහනයෙන් පැමිණි අනිත් තිදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි කොස්වත්ත පොලිසිය කියයි.

කිරිමැටියාන- ඇන්ටනි රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment