ගාල්ලේ ප්‍රාථමික ශිෂ්‍යාවන්ගෙන් සියයට 60කට උකුණු උවදුරෙන් පීඩා

57

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගෙන් සියයට 60ක් උකුණු උවදුරෙන් පීඩා විඳීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑම අසීරු වී ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යා පීඨය හා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය ඒකාබද්ධව සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. මෙම උකුණු උවදුරෙන් පිඩා විඳින සිසුවියන් නිසි නින්දක් නොලබන බවත් එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම අසීරු වීමට හේතු වී ඇති බවත් පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් සිසුවියන් 420දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අධ්‍යයනයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment