ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ කරනවා

114

අලුත් සිලින්ඩර් ඕනෑ නම් 1311 ට දන්වන්න – ලිට්‍රෝ සභාපති

දැනට පවතින ගෑස් මිල නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.

මේ වන විට ගෙවීමට තිබූ සියලු ණය බදු ගෙවා ලාභයක් ද සහිතව ලිට්‍රෝ සමාගම පවත්වාගෙන යන බවද ඒ මහතා කීය.

දැනට ලිට්‍රෝ නව සිලින්ඩර් අවශ්‍ය අය සිටීනම් ‘1311’ හදිසි අංකය ඇමතීමෙන් ගෑස් සිලින්ඩර් ලබාගත හැකි බවත් ලබන මාසයේ (අගෝස්තු) තවත් වැඩිපුර සිලින්ඩර් තොගයක් වෙළෙඳ පොළට නිකුත් කරන බවත් ඒ මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment