ටී 56 උණ්ඩ රුපියල් තුන්සිය විස්සලු

748

ටී 56 මැගසින් 3ක් සහ එම උන්ඩ 54ක්, ඇතුළු උන්ඩ 58ක්, පරණ යකඩ බඩු මිලදී ගන්නා වෙළඳ සැලකට අලෙවි කර රුපියල් 320ක මුදලක් ලබා ගත් උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කම්කරුවෙකු ඊයේ(30දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, 4 ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි තම යකඩ මිලදී ගන්නා ස්ථානයට පොලිස් රියදුරෙකු’ සමග පොලිස්’ ජීප් රථයකින් පැමිණි පුද්ගලයකු යකඩ කිලෝ ග්‍රෑම් 4ක බෑගයක් ලබාදී රුපියල් 320 ක් මුදලක් ලබා ගෙන ගිය බවත් පසුව එය පරීක්ෂාකර බැලීමේදි එම බෑගය තුළ වෙඩි උන්ඩ තිබීම හේතුවෙන් එම බෑගය පොලිස් ස්ථානයට රැගෙන විත් මෙම පැමිණිල්ල සිදු කර තිබූ බව පොලිසිය කියයි.

සැකකාර කම්කරුවා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ’ අබලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කුටිය තුල තිබියදී ල මෙම මලකඩ කන ලද මැගසින් සහ උන්ඩ තොගය’ රැගෙනවිත් තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment