ඒ.එස්.පී.ගේ තර්ජනයට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ ලේකම් පොලිස්පතිට පැමිණිලි කරයි

203

විදුලි බිල වැඩි කිරීමට එරෙහි ජනතා පෙත්සම මහජන උපයෝගිතා කොමිසමට භාර දීමට යන අතරතුරදී කොළඹ කොටුව දුම්රියපළ අසලදී තමන්ට සහකාර පොලිස් අධිකාරිවරයකු තර්ජනය කළේ යැයි කියමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (12දා) පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ.එස්.පී.ගේ තර්ජනයට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ ලේකම් පොලිස්පතිට පැමිණිලි කරයි

එම නිලධාරියා තම කනට ළංවී “උඹ දඟලන්න එපා. උඹව උස්සාගෙන යනවා” කියා තර්ජනය කළ බවත් පෙත්සම භාර දීමේ අවස්ථාවට සම්බන්ධ කරගත් භූමිතෙල් කරත්තය හරවා යැවීමට කටයුතු කළ බවත් සංජීව ධම්මික මහතා කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් ය. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්නැයි ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

විදුලි බිල වැඩි කිරීමට එරෙහි හැට නම ලක්ෂයේ ජනතා පෙත්සමෙන් අත්සන් ලක්ෂ එකහමාරක් මහජන උපයෝගිතා කොමිසමට භාර දීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සාමාජිකයන් ජනවාරි 9 වැනිදා යන අතරතුර දී මෙම සිද්ධිය වී ඇත.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment