විදුලි සංදේශ නියාමන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

348

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත්කර ඇත.

තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදසිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව පත්කිරීම සිදුකර තිබේ.

ඒ මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි.

එසේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ද ඔස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් පරිගණක පද්ධති හා ජාලකරණය පිළිබඳව උපාධියක් මෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියද හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන දිසානායක මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයල අග්‍රාමාත්‍ය කාර්යාලයල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ අධිකරණය අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයකම ජ්‍යේෂ්ඨ තනතුරු රැසක් දරා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment