කමින්ස් සහ නැට් අයිසීසී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙති

120

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා නැට් ශිවර් බ්‍රන්ට් 2023 වසරේ අයිසීසී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස තේරී පත්වී ඇත.

ඒ අනුව වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ට හිමි වන අතර එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා නැට් අඛණ්ඩව දෙවැනි වරටත් වසරේ ක්‍රීඩිකාව වී තිබේ.

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව සහ අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන ශූරතා දක්වා තම කණ්ඩායම මෙහෙයවූ කමින්ස් 2023 වසරේ ටෙස්ට් තරග 11කදී කඩුලු 42ක් දවා ගැනීමට සමත් වූයේය.

රිකී පොන්ටින් (2006 සහ 2007), මිචෙල් ජොන්සන් (2009 සහ 2014), මයිකල් ක්ලාක් (2013) සහ ස්ටීව් ස්මිත් (2015) ට පසුව ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය දිනූ පස්වැනි ඔස්ට්‍රේලියානුවා ලෙස කමින්ස් වාර්තා පොත් අතරට එක් වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත්, ඉන්දීය පිතිකරු විරාත් කෝලි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලැබූහ.

කමින්ස් සහ නැට් අයිසීසී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙති

වසරේ විනිසුරු සම්මානය රිචඩ් ඉලිංග්වර්ත් හට හිමි වූ අතර වසරේ විනීතම කණ්ඩායමට හිමි සම්මානය සිම්බාබ්වේ ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment