ත්‍රිරෝද රථ අමතර කොටස් මිල 300% කින් නැගලා

120

ත්‍රිරෝද රථවල අමතර කොටස් මිල ගණන් සියයට 300 කින් පමණ ඉහළ යෑම නිසා ලක්ෂ 9 කට අධික වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතිත ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවසීය.

මෙම කාලයේදී මගී ජනතාවද ත්‍රිරෝද රථවලින් කුලී ගමන් යෑම පවා අඩුකර පයින්ම සැතපුම් දෙක තුන යෑමට පුරුදුව ඇතැයි ද හෙතෙම කීය.

මීට අමරතරව ටයර්, බැටරිවල මිල ගණන්ද ඉහළ නැග ඇති බවත්, රුපියල් 1500 ක් වැනි මුදලකට කරගත හැකිවූ වාහන නඩත්තු සේවාව රුපියල් 5000 දක්වා ඉහළ නැග ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම තත්ත්වයන් නිසා ත්‍රිරෝද රථවල ලීසිං ගෙවීමේ කටයුතු පවා ඇනහිට ඇති බවත්, තවත් සාමාජිකයන් නිවෙස්වල කුලිය පවා ගෙවාගත නොහැකිව අසරණවී සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment