අවසාන සෙල්ෆිය!

1509

ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 කණුව අසලදී සිදුවූ රිය අනතුරින් මියයෑමට පෙර හලාවත හිතවත් ඥාතියකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී එම මනාල යුවළ සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එම මනාල යුවළ විසින් රාජ්‍ය අමාත්‍යවරයා රිය අනතුරකට ලක්ව මියයෑමත් සමග ඒ පිළිබඳව සටහනක් තබා තමන් සමග රාජ්‍ය අමාත්‍යවරයා ගත් සෙල්ෆි ඡායාරූපය ද පෞද්ගලික මුහුණ පොතට එක්කර ඇත.

එම මුහුණු පොතේ සටහන් වූ සටහන මෙසේය.

“හිතාගන්න අමාරුයි සනත් නිශාන්ත මාමේ, මේ මොකක්ද වුණේ කියලා. මං වෙනුවෙන් මාව බලන්න ආව ගමනේ දීම මෙහෙම වුණානේ. ඒක මට කොහොමත් දරාගන්න අමාරුයි. නිවන් සුව ලැබේවා මාමේ…..”

රාජ්‍ය ඇමැතිවරයා පෙරේදා (24දා) රාත්‍රී හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටිය දී රිය අනතුරට මුහුණ පෑවේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් හෙට්ටිආරච්චි දුන්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment