මන්ත්‍රී අසුන ජගත් ප්‍රියංකරට

357

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ජගත් ප්‍රියංකර මහතා පත්වනු ඇත.

ජගත් ප්‍රියංකර මහතා ගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පුත්තලම් දිස්ත්‍රික්කයට තරග කර හයවැනියා බවට පත් විය. එම පක්‍ෂයට මන්ත්‍රී ධුර පහක් හිමිවිණි. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව වූයේ 40527කි. ඒ අනුව ඔහු සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා තේරී පත් වනු ඇත.

ප්‍රියංකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් 2020 මහ මැතිවරණයට තරග වැදුණේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment