ජනාධිපති ධුරය අහෝසි කිරීමට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ – ජී. එල්. පීරිස්

81

ජනාධිපති ධුරය අහෝසි කිරීමට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ – ජී. එල්. පීරිස්ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 2025 අගෝස්තු මාසයේදී බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (16දා) පැවසීය.ජනාධිපති ධුරය අහෝසි කිරීම සරල ක්‍රියාවක් නොව සංකීර්ණ ක්‍රියාදාමයක් බවත් එසේ කරනවා නම් අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (16දා) පැවති මාධ්‍ය හමුවකදී ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා පැවසීය.ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉතිරි නිල කාලය සඳහා පත්වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට කිසිදු සුජාත භාවයක් නොමැති අතර ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනවරමක් අවශ්‍ය බවත් කියාසිටි මන්ත්‍රීවරයා වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති බව පැවසීය.ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්‍රමයේ වෙනසක් කරන්නේ මහජනතාවගේ සුබ සිද්ධියට නොවන බවත් ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා බවත් පැවසූ ඒ මහතා මැතිවරණ ළං වන විට නින්දෙන් ඇහැරුණා සේ මැතිවරණ ක්‍රමයේ දොස් සොයන බවත් ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා එය සිදුකරන බවත් කියා සිටියේය.චමින්ද සිල්වාජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 2025 අගෝස්තු මාසයේදී බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (16දා) පැවසීය.

ජනාධිපති ධුරය අහෝසි කිරීම සරල ක්‍රියාවක් නොව සංකීර්ණ ක්‍රියාදාමයක් බවත් එසේ කරනවා නම් අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (16දා) පැවති මාධ්‍ය හමුවකදී ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉතිරි නිල කාලය සඳහා පත්වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට කිසිදු සුජාත භාවයක් නොමැති අතර ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනවරමක් අවශ්‍ය බවත් කියාසිටි මන්ත්‍රීවරයා වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති බව පැවසීය.

ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්‍රමයේ වෙනසක් කරන්නේ මහජනතාවගේ සුබ සිද්ධියට නොවන බවත් ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා බවත් පැවසූ ඒ මහතා මැතිවරණ ළං වන විට නින්දෙන් ඇහැරුණා සේ මැතිවරණ ක්‍රමයේ දොස් සොයන බවත් ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා එය සිදුකරන බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment