දුප්පතුන්ට ගෙවල් හදන්න දුන් මිලියන 300 ක් අරන් රට පැන්න ගණකාධිකාරි හා බිරිඳට වරෙන්තු

338

උතුරු නැෙඟනහිර ප‍්‍රදේශවල දුගී ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා නිවාස ඉදිකර දීම ඇතුළු පොදු පහසුකම් සපුරාලීම සඳහා මෙරට ස්වෙච්ඡා සංවිධානයකට විදේශයකින් පරිත්‍යාග කළ මුදලින් රුපියල් මිලියන 300 කට අධික මුදලක් වංචා කර විදේශ රටකට පැන ගොස් ඇති ගණකාධිකාරිවරයකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (17 දා* විවෘත වරෙන්තු නිකුත් කළේය.

ඥානම් පදනම නමැති ස්වෙච්ඡා සංවිධානයේ ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කළ බංලසිංහම් රාජශංකර් හා ඔහුගේ බිරිඳ වන උමා රාජශංකර් නමැත්තිය මේ වනවිට විදේශ රටකට පලාගොස් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ලබාගත යුතුව ඇතැයි පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. සේනාධීර මහතා ලබාදුන් සාක්‍ෂි සලකා බැලූ අධිකරණය එම වරෙන්තුව නිකුත් කළේය.

බි‍්‍රතාන්‍යයේ ලයිකා පදනම විසින්, ඥානම් පදනම විසින් එක්තරා රාජ්‍ය බැංකුවක ආරම්භ කොට තිබූ ගිණුමකට බැරකොට තිබු රුපියල් කෝටි ගණනක මුදලින් රුපියල් මිලියන 300 කට අධික මුදලක් ව්‍යාජ ලෙස ආරම්භ කළ ආයතන ගිණුමකට බැර කරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ සැණින් එම සැකකරුවන් රටින් පලාගොස් ඇති බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment