අවුරුදු සමයේ පාචනය හැදී රෝහල්ගත වන දරුවන් වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

35

අවුරුදු සමයේ පාචනය වැලඳුණු දරුවන් රෝහල්ගත වීමේ වැඩිවීමක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවැසීය.

මැස්සන් වසන ලද අපිරිසිදු ආහාර ගැනීම හේතුවෙන් බොහෝ දරුවන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගත කර තිබෙන බව ද හෙතෙම කීය.

බඩේ කැක්කුම, උණ සන්නිපාතය, බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ ඇත්නම් එය පාචනය රෝග ලක්ෂණ බව ද හෙතෙම සඳහන් කළේය.

එවැනි දරුවන්ට උණු කර නිවාගත් පිරිසිදු ජලය, බැදිහාල් කැඳ, දොඩම්, නාරං වැනි දේ ලබාදීම ඉතා සුදුසු බවද ඒ මහතා කීය.

අවුරුදු සමයේ මැස්සන් නිවෙස් තුළ බහුල වශයෙන් ආහාරවල වසන බවත් ඒවා ආහාරයට ගැනීම තුළින් බොහෝ දරුවන් රෝගාතුරව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment