කුඹුරු අක්කර තිස්දහසකට පරාක්‍රම සමුද්‍රයෙන් දියවර

31

කුඹුරු අක්කර තිස්දහසකට අධික ප්‍රමාණයකට දියවර සැපයෙන පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ආරම්භය ඊයේ (18 දා) පෙරවරු 9.04ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ගොවි නායකයන් සහ ගොවි ජනතාව සමඟ එක්ව වැවේ ප්‍රධාන සොරොව්වේ ජල දොරටු විවෘත කර ජලය මුදාහැරීම සිදුකළ අයුරු.

පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එන්. ක්‍රිෂ්ණ රූබන්, පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අංජන අබේසිංහ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්. පී. උපාලි යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු රැසක් සහ පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඇතුලු ගොවි සංවිධාන නියෝජිතවරු සහ ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment