වාහන ආනයනය නතර කළ පසු මෙතෙක් ගෙන්වා ඇත්තේ අවශ්‍යම වාහන 29යි – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

78

ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වාහන ගෙන්වීම නතර කළ පසුව මේ දක්වා ගෙන්වා ඇත්තේ අත්‍යවශ්‍යම වාහන 29ක් පමණක් යැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

ඒ අතරින් වාහන 26ක් ම විදෙස් රටවල් මගින් ක්‍රියාත්මක ආධාර ව්‍යාපෘති වෙනුවෙන් ගෙන්වූ ඒවා බවත් අනෙක් රථ තුන ගුවන් යානාවලින් බැසීම සඳහා භාවිත කරන රෑම්ප් වර්ගයේ වාහන බවත් ඇමැතිවරයා පැවසීය.

මෙරටට වාහන ආනයනය තවදුරටත් සීමා කර ඇති අතර එම සීමා ඉවත් කිරීමට රජය මෙතෙක් තීරණය කර නැතැයි ඒ මහතා කියා සිටියේය.

විදෙස් ව්‍යාපෘති සඳහා ගෙන්වන ලද වාහන 26න් අධ්‍යාපන අමාත්‍යංශයට බස්රථ 02ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම මාතෘ ඒකක 03ක් සහ ඩබල් කැබ් රථ 21ක්, කම්කරු අමාත්‍යාංශයට වාහන එකක් ලෙස ගෙන්වා ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment