නව ධීවර පනත මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට ඇමැති දේවානන්දාගෙන් උපදෙස්

44

දැනට කෙටුම්පත් කරමින් පවතින නව ධීවර පනත සම්පූර්ණ කර මසක් ඇතුලත අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කෙටුම්පත් මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් දුන් ඇමැතිවරයා මෙම සාකච්ඡාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අමාත්‍යාංශ ලේකම් නයනා කුමාරි සෝමරත්න, ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධීවර දිස්ත්‍රික්ක පහළොවක ධීවර සහාකාර අධ්‍යක්ෂකවරුන්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී ඇත.

මෙහිදී නව ධීවර පනත් කෙටුම්පත පිළිබඳව සහකාර අධ්‍යක්ෂකවරුන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා එම කරුණු ගැන සලකා බලා එම අදහස් ඇතුලත් කරන ලෙස පනත් කෙටුම්පත් මණ්ඩලයට උපදෙස් දුන්නේය. තවද නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේද අදහස් විමසූ අමාත්‍යවරයා එම අදහස් ගැනද සැලකිල්ලක් දක්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු කෙටුම්පත් මණ්ඩලයට උපදෙස් දෙන ලදී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment